සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබපැතුම් එක්කර තිබේ.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර පවතින සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වීමෙන් පසු අනුර කුමාර දිසානායක හමුවීමට පැමිණ ඔහුට පළමුවෙන් සුබ පැතුම් එක් කළ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ය.
මෙරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක ට අමෙරිකා එක්සත් ජනපදය සිය සුභාශිංසන පිරිනමා තිබේ.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර ඇති ශක්තිමත් හවුල්කාරීත්වය අගය කරන බවයි. පොදු ප්‍රමුඛතා සම්බන්ධයෙන් එක්ව වැඩකිරීමට සුදානම් බව ද ජුලී චන්ග් ප්‍රකාශ කර තිබේ.
මේ අතර මෙරට ජපාන තානාපති මිෂුකෝෂි හිඩේකි ද නව ජනාධිපති අනුර කුමාර දිසානායක ට සුබපැතුම් එක්කර තිබේ.
තමන් ඇතුලු ජපාන රජය දෙරට අතර පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපතිවරයා පවසයි.
මේ අතර මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිෂු ද අනුර කුමාර දිසානායක ට සිය සුබ පැතුම් එක්කර ඇත.
සමීප අසල්වැසියෙකු ලෙස මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට සුදානම් බව මාලදිවයින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මේ අතර පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් ද සිය සුබ පැතුම් එක්කර තිබේ.
ජනාධිපතිවරණයේ ලැබු ජයග්‍රහණය පිළිබඳව අවංකව තමන් සුබ පැතුම් එක්කරන බව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.