මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම අතරමැදි පෙත්සම අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නියෝගය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම අතරමැදි පෙත්සමේ අන්තර්ගත කරුණුවලින් බැලූ බැල්මටම නඩුකරයක් අනාවරණය නොවන හෙයින් එය නිෂ්ප්‍රභ කරන බව දැනුම්දී තිබෙනවා.
පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි සහ කොටපිටියේ රාහුල හිමියන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
news19.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.