මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත යි.
ඒ අනුව, අද මැදියම් රැයේ සිට ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 21 වැනි දා තෙක් නිහඬ කාලයක් ලෙස සලකන බවයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටින්නේ.
එම කාලය තුළ නීති විරෝධීව මැතිවරණ ප්රචාරක කටයුතුවල නොයෙදෙන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරල් සමන් ශ්‍රී රත්නායක සියලු අපේක්ෂකයින්ට හා ජනතාවට දැනුම් දෙයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.