මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
අයුතු ලෙස උපයාගත් ධනයක් හෝ දේපොලක් ලොව කොහේ හෝ ඇති බවට සිදු කරන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සුදානම් බවත් එසේ කර පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
එසේම, ඉටු කිරීමට බැරි පොරොන්දු තමා ජනතාව හමුවේ ඉදිරිපත් නොකරන බව ඔහු සඳහන් කළේ රත්නපුරයේ අද (17) දහවල් පැවැති ජන රැලියක් අමතමිනි.
"සමහර අය විවිධ දේවල් අඩු කරනවා කියනවා. දේශපාලන පොරොන්දු ගැන ජනතාව දන්නවා. ජනතාව මෙවැනි සුරංගනා කතා අහලා තියෙනවා. මේ දේශපාලන වේදිකාවේ විකටයා හොයන මැතිවරණයක් නෙවෙයි. අපේ ප්‍රතිපත්ති ප්රකාශනයේ කරන්න බැරි වැඩ නැහැ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.