කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 16වැනි වරටත් සංවිධානය කළ 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය විරාජිණි තෙන්නකෝන්ගේ කැමීලියා කෘතියට හිමිවිය.
සම්මානය සමඟ මුදලින් රුපියල් ලක්ෂ අට හමාරක ත්‍යාග මුදලක් ද ඇයට පිරිනැමිණි.
මෙම උත්සවය ඊයේ(14) සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී අවසන් වටයට නිර්දේශ වූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මැයි මාර ප්‍රසංගය, එරික් ඉලයප්පආරච්චිගේ තිවංක කතාව, මලිත් තුසිත ගුණරත්නගේ සිල්වර් ට්‍රිප්ස්, ලියනගේ අමරකීර්තිගේ කැළලිකාරයෝ යන නවකතා සඳහා රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් සමඟ සහතිකපත් පිරිනැමිණි.
සම්මාන ප්රදානය හිටපු මහා කොමසාරිස්වරයකු වන මහාචාර්ය සසංක පෙරේරා සමග ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් සංගමයේ හිටපු සභාපතිවරු අතින් සිදු කෙරිණි .
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.