රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන (නීති රීති) අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනවද නැති ද යන්න පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැතිවරණ කොමිසන් සභාවට ඇති බව එම කොමිසම පවසයි.
ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය ‘නිදහස් හා සාධාරණ මැතිවරනයක් සඳහා ජනමාධ්‍යයේ කාර්යභාරය’ මැයෙන් කොළඹදී ඊයේ (12) පැවැත්වූ විශේෂ සම්මන්ත්‍රණයේදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක එසේ පැවසීය.
මාධ්‍ය ආයතනයක් මැතිවරණ කොමිසම දෙන උපදෙස්වලට එරෙහිව කටයුතු කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට පෙර කළ හැකි පියවර ඕනෑ තරම් ඇති බවත් එහිදී කොමිසම පවත්වන මාධ්‍ය හමුවලින් ඉවත්කිරීම, තොරතුරු නොදීම සහ ඔවුන්ගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම වැනි පියවර අනුගමන කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන සම්බන්ධ ගැටලු ඇති මාධ්‍ය ආයතන ප්‍රධානීන් පස්දෙනෙක් කොමිසමට කැඳවා උපදෙස් දුන් බවත් එහිදී ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම නොව මෙහිදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුත් කළ බවත් ඔහු කීය.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා යන නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායමක් සියලුම මාධ්‍ය ආයතන ඔවුන්ගේ ප්‍රධාන ප්රවෘත්ති විකාශවලදී ජනාධිපති ධූර අපෙක්ෂකයන් සඳහා වෙන්කරන කාලය දිනපතා විමසීමට ලක්කරන බව කී සභාපතිවරයා පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඇතුළු සියලුම ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය පිළිබඳව මැතිවරණ කොමිසම දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරන බව ද සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.