මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
රැස්වීම් භූමියට ගල් ප්‍රහාර තුනක් පමණ එල්ල වී ඇතැයි පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් රැස්වීමට පැමිණ සිටි ළමයකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කළ බව හම්බන්තොට පොලිසිය පවසයි.
මෙම ජන හමුවට නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ සහභාගී වීමට නියමිතව තිබු නමුත් සිද්ධිය සැලවීමත් සමග ඔවුන් රැස්වීමට පැමිණ තිබුණේ නැති අතර ශිරන්ති රාජපක්ෂ තුවාල ලැබූ දරුවා සුව දුක් විමසීමට රෝහලට පැමිණ ඇති බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.