රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.
විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසා තිබුණේ, “මේ තීන්දුවල දේශපාලන භාවය සහ මැතිවරණයට මේක කොයි විදියට බලපායි ද කියන එක ප්‍රශ්නයක්,” යනුවෙනි.
මේ අතර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පිළිබඳව සමගි ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමුකර තිබෙනවා.
එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ එය ජනාධිපතිවරණ ඡන්ද විමසීම් පනත උල්ලංඝනය කරමින් යොමුකර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසයි.
රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් සහ ඊට අනුරූපව සියලුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා මූලික වැටුප් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබුණේ රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ය.
2025 ජනවාරි 01 වැනිදා සිට අදාළ වැටුප් වර්ධක ක්‍රියාත්මක වීමට නියමිත අතර ඒ අනුව, කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 5,450කින් දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 8,760ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 10,950කින් වැටුප් වැඩිවීම සිදුවෙයි.
එම සේවයේ විශේෂ ශ්‍රේණියේ වැටුප රුපියල් 13,980කින් ඉහළ නැංවෙනු ඇති.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.