රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
ජනසහභාගී ප්රජාතන්ත්රවාදය හරහා සම්පූර්ණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බව ජන අරගල සන්ධානයේ ජනපති අපේක්ෂක නුවන් බෝපගේ පවසයි.
පරමාධිපත්‍ය යනු ජනතා බලවේගවලට රාජ්‍ය පාලනයට සම්බන්ධ විය හැකි ක්‍රමයක් සලසා දීම බවයි අද (28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ජනාධිපතිවරණ අපේක්ෂක ප්රවෘත්ති සාකච්ඡා මාලාවේ එක් අදියරකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
"අපේ රාජ්‍ය ව්‍යුහය සම්පුර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් හරහා ජන සහභාගී ප්රජාතන්ත්රවාදයට පරිවර්තනය කරනවා. සරලව කිව්වොත් රාජ්‍ය පාලන ක්‍රියාවලියේ දී ජනතාවට තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීම සඳහා වූ ක්‍රමවේදයක් නිර්මාණය කිරීම තමයි අපි යෝජනා කරන්නේ. සරල උදාහරණයක් ගත්තොත්, ජනතා නියෝජිතයෝ ජනතා මතය පාර්ලිමේන්තුව ඇතුලේ ක්‍රියාත්මක කිරීමට වගවෙන තැනට ගෙනඒමට ජනතා නියෝජිතයින් ආපසු කැඳවීමේ බලය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල අන්තර්ගත කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.