මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න එම පක්ෂයෙන් සහ තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
එම පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර වෙත ලිපියක් යොමු කරමින් ඔහු දැනුම් දී ඇත්තේ පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන වෙනුවෙන් සමකාලීන ඇතැම් පුද්ගලයින් දක්වන අකමැත්ත සහ පසුගාමී බව තමන් ගත් තීරණයට වැඩි දායකත්වයක් සැපයූ බවයි.
තමාගේ දේශපාලන අරමුණු සඳහා නොනැවතී ගමන් කළ යුතු අතර ඒ සඳහා සුදුසු බිමක් සොයා ගැනීමට අවශ්‍ය බවත් ඒ අනුව තමා පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් බැහැර වන බවත් නිරෝෂන් ප්‍රේමරත්න තවදුරටත් දැනුම් දී ඇත.


ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.