ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රාජංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරම්භ කරන ලද ස්වභාවික අත් කඩදාසි නිෂ්පාදන ව්‍යාපෘතියට ජපන් රජයේ ආධාර යටතේ ක්‍රියත්මක වන ජයිකා ව්‍යාපෘතියෙන් තාක්ෂණික හා මූල්‍ය සහාය ලබාදීමට එකඟත්වය පළකර ඇත.
ඒ ජාත්‍යන්තර වෙළෙඳපොළ තව තවත් පුළුල් කිරීමේ අරමුණෙන් ජයිකා ව්‍යාපෘතියේ ව්‍යවසායක සංවර්ධන උපදේශක සුසුකි පසුගියදා මෙම ව්‍යෘපාතිය පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේදීය.
මෙම කඩදාසි නිෂ්පාදන මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරිමේ අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්යක්ෂ සුගත් නයනානන්ද ඇතුලු නිලධාරින් කිහිප දෙනෙක්ද සහභාගී වූහ.
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ රාජංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විසින් ස්වභාවික අත් කඩදාසි නිෂ්පාදන ව්‍යාපෘතිය මීට වසර කිහිපයකට පෙර ආරම්භ කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.