ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට එකම වගකිවයුත්තා තමා බව හුවා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව පවසමින් එම පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.
ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු නොවන බව හා ඔහු නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවට දයාසිරි ජයසේකර ඊයේ සිදුකළ ප්‍රකාශය ද මුලුමනින්ම සත්‍යය විකෘති කිරීමක් බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
එම නිවේදනය පහතින්,
