ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු - ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම II (2024-2028) ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සාධාරණ හා හිංසනයෙන් තොර සමාජ පරිසරයක ජීවත් වීම සඳහා කාන්තාවන්ට, පුරුෂයන්ට, ළමයින්ට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ විවිධත්වයක් ඇති කණ්ඩායමකටම ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අවශ්‍ය බැවින් ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටු දැකීම සඳහා සියලු පාර්ශව වල අදහස් ලබාගෙන මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත.
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.