ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය පිරිස බවට හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන අද (9) පාර්ලිමේන්තුවේදී චෝදනා කිරීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ මෛත්‍රීපාල සිරිසේන අතර එහිදී බහින්බස් වීමක් ඇතිවිය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන:-
"මගේ නැවතීම අංගොඩින් හෝ වැලිකඩින් කියා ශ්‍රිලනිපයෙ සිට ආණ්ඩුවට ගිය ඇමති කෙනෙක් කියා තිබුණා. ආණ්ඩුවේ දැන් ඉන්න ඇමතිවරුන් මේ ප්රශ්නය අතට අරගෙන අධිකරණයට බලපෑමක් කොට මම හිරේ යවන්න වෑයම් කරනවාදැයි මට සැකයක් තිබෙනවා.
මේවා පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ඇමතිවරු. ශ්රීලනිපය ගොඩ ගැනීම වෙනුවෙන් අප ජීවිතය කැප කරන බව කිව යුතුයි.
දේශපාලන පක්ෂයක අර්බුද ඇතිවීම අලුත් දෙයක් නොවේ. අර්බුද පක්ෂ වලට විසඳා ගන්න නොදී සම්පූර්ණයෙන්ම රාජ්‍ය මැදිහත්වීම් තුළ කරන කටයුතු අප හෙළා දකිනවා.
අපේ පක්ෂයේ ප්‍රශ්න වලට අධිකරණයට උඩින් ගිහින් පොලිසිය දැමීම කොතරම් සාධාරණද?
අමාත්‍ය මහින්ද අමරවීර:-
අංගොඩ හෝ වැලිකඩ නවතින්න වේවි කියා කතාවක් මම නම් කිව්වේ නෑ. අංගොඩ යා යුතු අය අංගොඩ යාවි. අදාල නැති කෙනෙකුට ශ්රීලනිපය බාර දුන්නා. දයාසිරි ඉවත් කළේ අපිද?
මෛත්‍රිපාල සිරිසේන:-
මේ පක්ෂය විනාශ වෙන්න මුල මේ පිරිස ආණ්ඩුවට ගිහින් ඇමතිකම් ගැනීම. දැන් මැතිවරණ ළං වෙනකොට ශ්රීලනිපය ආණ්ඩුවට හේත්තු කරන්න යනවා.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න:-
මේ පක්ෂය විනාශ වුණේ අපි ආණ්ඩුවට ගිය එකෙන් නොවේ. ආප්ප කාල ගිය එක තමයි පක්ෂය විනාශ වෙන්න ප්‍රධාන හේතුව.
මහින්ද අමරවීර:-
සුද්දවන්තයො වගේ කතා කරන අයගේ හොරකම් ඉදිරියේදී නම් ගම් එක්ක හෙළි කරනවා.
මෛත්‍රීපාල සිරිසේන:-
මොවුන්ගේ ප්‍රකාශ අසත්‍යයි. එපා කියද්දි ආණ්ඩුවට ගියා. ඔය ගොල්ලෝ හොරෙන් ඇමතිකම් ගත්තා.
මහින්ද අමරවීර:-
මන්ත්‍රීවරුන් 142ක් එක්ක පක්ෂය බාරගෙන දෙන්නට අඩු කළා
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.