යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ගේ අභාවයත් සමග හිස් වූ අසුන වෙනුවෙන් එම පුරප්පාඩුවට මනාප ලෑයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටි කදිරවේලු සම්මුගම් කුගදාසන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කරනු ලැබීය.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(2) වගන්තියට ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදුකර තිබේ.
අදාළ නම් කිරීම ගැසට් නිවේදනයක් මගින් පසුගියදා (02) නිකුත් කර තිබේ.
කදිරවේලු සම්මුගම් කුගදාසන් කලක් අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබේ.
ඊට අමතරව ඔහු දෙමළ ජාතික සන්ධානය ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති ලෙස මේ වන විටත් කටයුතු කරයි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි නව නායකයා තෝරා ගැනීම සඳහා පසුගිය කාලය පැවති මධ්‍යම කාරක සභාවේදී එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ඔහු පත් කරනු ලැබූ අතර එම පත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන මේ වන විට ත්‍රිකුණාමල දිසා අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.