යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරුද්ධ ජයරත්න ගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බැවින් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර තිබෙනවා.
යම් මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය ගැන අපහාසාත්මකව ප්‍රකාශයක් පළ කිරීම යන වරද සම්බන්ධයෙන් 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ 26(1) (ආ) වගන්තිය යටතේ කරන ලද පරීක්ෂණයකින් පසුව වරප්‍රසාද කමිටුව මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා වනවා.
ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවේ පරීක්ෂණයෙන් පසු සිද්ධිය පිළිබඳ වාර්තාවක් සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවට පසුගිය මස 6 වැනිදා ඉදිරිපත් කළා.
මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ ක්‍රියා කලාපය ගැන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පසුගිය පෙබරවාරි මස 9 වැනිදා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කර තිබුණා.
උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයේ ඉඩමක් අත්පත් කරගෙන සංස්කෘතික මධ්‍යස්ථානයක් සහ තවත් ඉදිකිරීම් කරමින් ඉන් ලබන ආදායම පෞද්ගලික පරිහරණය කළ අධිකරණ රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න ට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරිය විසින් පසුගිය ජනවාරි මාසයේදි නිත්‍යානුකූල පියවර ගනු ලැබුවා.
පසුව ප්‍රාදේශීය ලේකම් දිලුක්ෂි ජයරත්න ට පරිපාලන අමාත්‍යංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ද ලබා දුන් නමුත් නැවත රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පසුගිය පෙබරවාරි මාසයේ යළි උඩපළාත ප්‍රාදේශීය ලේකම් ලෙස පත් කරනු ලැබුවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.