හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවැතිය හැකි බවත් මුහුද ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
උතුරු අක්ෂාංශ 07ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 68 අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 -8- දක්වා පැවැතිය හැකි බව ද දැනට මෙම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩ බිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත යන්නැයි දැනුම් දෙයි.
සිතියමේ රතු වර්ෂයෙන් දැක්වෙන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන්නැයිද නාවික හ ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.
මේ අතර බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.