යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
රට ගොඩනගන ඉතිහාසයේ බලගතුම දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.
රට ගොඩනගන ඉතිහාසයේ බලගතුම දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.
එක්සත් ජාතික පක්ෂය ගොඩ නගන ඉතිහාසයේ පුළුල්ම දේශපාලන සන්ධානය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු කීය.
කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් රවී කරුණානායක මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්‍රමසිංහ විජයග්‍රහණය කරා මෙහෙය වීමට පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන් ඇපකැප වී ක්‍රියා කරන්නේ යැයි ද රවී කරුණානායක පැවසීය.
නිර්පාක්ෂික, ජාතික සහ පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 95ක් පමණ හිමි කර ගන්නේ යැයි ද රවී කරුණානායක කීය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.