සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ඉටුකළ යුතු ආණ්ඩුකරණයට අදාළ වැදගත් කැපවීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙමින් සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ඉටුකළ යුතු ආණ්ඩුකරණයට අදාළ වැදගත් කැපවීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙමින් සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ආණ්ඩුකරණය මෙරට ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම බවද වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ තුන්වෙනි ණය වාරිකයට ලබන 12 වැනිදා එම අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදෙනු ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ පසුගිය මැයි මාසය අවසන් වනවිට ඉටුකළ යුතු කැපවීම් 63 න් ශ්‍රී ලංකාව ඉටුකර ඇත්තේ කැපවීම් 32 ක් පමණක් බවත් කැපවීම් 16ක් ශ්‍රී ලංකාව ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. තවත් කැපවීම් 15 ක ප්‍රගතිය මැනීමට ප්‍රමාණවත් තොරතුරු නොමැතිවීම හේතුවෙන් එම කැපවීම්වල ප්‍රගතිය නොදනී ලෙස වර්ගකර තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ඉටුකිරීමට අපොහොසත්වූ කැපවීම් 16 න් 7ක් මූල්‍ය කළමණාකරනයටත්, 6ක් මූල්‍ය විනිවිදභාවයටත්, 3ක් දූෂණ මර්දන ක්රියාමාර්ගවලටත්, අදාළ වීමෙන් ශ්‍රී ලංකාව සිය ආණ්ඩුකරණයට අදාළ කටයුතුවල තත්ත්වය සංවර්ධනය කරගැනීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති බව පෙනී යන්නේ යැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. ආණ්ඩුකරණයට අදාළ කැපවීම් නැවත නැවතත් ‘ඉටුකර නැති’ ලෙස වර්ග කිරීමට සිදුව ඇති තත්ත්වයක පෙනී යන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොමැති බව යැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.