මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් 116 දෙනෙකු ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා දිවයිනට පැමිණ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා අදාළ දිස්ත්‍රික්ක 25 වෙත පිටත්ව ගොස් තිබේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඉන් 78 දෙනෙකු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්, 22 දෙනෙකු පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින්, 9 දෙනෙකු ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය නියෝජනය කරමින් පැමිණ ඇති නිරීක්ෂකයින් බවයි.
මේ අතර, මැතිවරණ කොමිසමේ ආරාධනය මත දකුණු ආසියානු කලාපීය රටවල නියෝජිතයින් 7 දෙනෙකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා පැමිණි බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
එම නිලධාරින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.