මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන අද දින රාත්‍රි 10.00 සිට 2024.09.22 වන දින උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇත.
මේ වන විට රට තුල ඉතා සාමකාමී තත්ත්වයක් තිබුනද, මහජනතාවගේ වැඩිදුර ආරක්ෂාව සඳහා මෙම ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඇඳිරිනීති කාල සීමාව තුල තම නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස ශ්‍රි ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම කාල සීමාව තුල ඡන්ද කටයුතු රාජකාරී යෙදී සිටින නිලධාරීන්ට අදාලව බලයලත් නිලධාරීන් විසින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත්, බලයලත් ලේඛන ඇඳිරිනීති බලපත්‍ර ලෙස භාවිතා කළ හැකි අතර, විදේශගත වීමේ අපේක්ෂාවෙන් ගුවන් තොටුපල වෙත ගමන් කරන සහ විදේශ වල සිට පැමිණ ගුවන් තොටුපලෙන් පිටවන සියළු දෙනාට ඔවුන්ගේ ගුවන් ටිකට් පත්‍රය හෝ ඒ බව තහවුරු කිරීම සඳහා තිබෙන ලේඛණ ඇඳිරිනීති බල පත්‍රයක් ලෙස භාවිතා කළ හැක.
මීට අමතරව අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතනවල අදාල සේවකයන් සඳහා ඔවුන්ගේ රාජකාරි හැඳුනුම්පත හෝ සුදුසු ලේඛණයක් භාවිතා කළ හැකි අතර, එම ලේඛණය සහ අදාල පුද්ගලයාගේ අන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලේඛණ පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.
මෙම කාල සීමාව තුල ඇඳිරි නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට සියළුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බැවින්, එය උල්ලංගණය වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකරන ලෙස සියළුම මහජනතාව වෙත ශ්‍රි ලංකා පොලිසිය අවධාරණය කර සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් "ගණේමුල්ල සංජීව" ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු ශ්‍රී ලාංකිකයන් පස් දෙනා දිවයිනට රැගෙන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් තිබේ.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බැවින් අද (15) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.