රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර ඇත්තේ ඉන්දීය බුද්ධි අංශ විසින් බව අද (23) හෙළිදරව් විය.
අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයකි.
එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයකි.
එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ දැනුම්ත් කර ඇත.
අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබේ.
ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් බුද්ධි අංශ වෙත වාර්තා වී තිබුණි.
ප්‍රහාරය සඳහා ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් ලබාදී ඇතැයිද එම තොරතුරුවල සඳහන් වේ.
ඒ අනුව අදාළ පුද්ගලයන් දෙදෙනාගේ නම්ගම් ඇතුළු සියලු තොරතුරු ඉන්දීය බුද්ධි අංශ මගින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදී තිබේ.
එම තොරතුරුවලින් අනාවරණ කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායාලය මගින් ඝාතනය කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවය.
මෙම තොරතුරු ලැබීමත් සමග මීට සති දෙකකට පමණ පෙර සිටම වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
එමෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේදී ආරක්ෂාව තරකර, එහි සිටින විදේශිකයන්ගේ ආරක්ෂාවද ආරක්ෂක අංශ මගින් තහවුරුකර ඇති අයුරු දක්නට ලැබුණි.
ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරුකර ඇති පසුබිමක ඊශ්‍රායල් ජාතිකයන් සංචාරය කරමින් සිටින වැලිගම ඇතුළු දකුණු පළාතේද ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එමෙන්ම ඇල්ල ප්‍රදේශයේ ද ආරක්ෂාව තහවුරු කර ඇත.
මේ අතර ආරුගම්බේ මෙන්ම දකුණු සහ බස්නාහිර වෙරළ කලාපවලින් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක මූලස්ථානය මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජනතාවට අද දැනුම් දුන්නේය.
ඒ අනුව ආරුගම්බේ වෙරළතීරයට අමතරව ගාල්ල, හික්කඩුව සහ වැලිගම වැනි කලාපවලිනුත් වහාම ඉවත්වන්නැයි ඔවුන් ඊශ්‍රායල පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ.
එමෙන්ම වහාම කොළඹ වැනි පොලිස් ආරක්ෂාව තරකර ඇති කලාපයක් වෙත ගමන් කරන ලෙස හෝ වහාම රටින් පිටවෙන ලෙස ද ඊශ්‍රායල රජය මෙම නිවේදනය මගින් ඔවුන්ට දැනුම් දී තිබුණි.
මේ අතර හීබෘෘ සංකේත සහ යුදෙව් ආගම ප්‍රචාරණය කරන කිසිදු කටයුත්තක නිරත නොවන ලෙසත්, අනාරක්ෂිත ස්ථානවල ඒකරාශීවීම් සිදුනොකරන ලෙසත්, එම නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා තිබේ.
එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ලවිය හැකියැයි විශ්වසනීය තොරතුරක් ලැබී ඇති බැවින් නැවත දැනුම්දෙනතුරු එම ප්‍රදේශයට යෑමෙන් වළකින ලෙස කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය අමෙරිකානු පුරවැසියන්ට සහ මෙරට තානාපති කාර්යාලයේ නිලධාරීන්ට අද පෙරවරුවේ නිවේදනය කරනු ලැබීය.
අමෙරිකානු තානාපති කාර්යාලයේ නිවේදනය පසුබිම් කරගනිමින් මෙරට රුසියානු තානාපති කාර්යාලය, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාල ද ඊට සමගාමීව මෙරට රැඳී සිටින සිය පුරවැසියන්ට නිකුත් කරන සංචාරක මාර්ගෝපදේශන යාවත්කාලීන කර ඇත.
මේ අතර විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ දැනටමත් පියවරගෙන ඇතැයි වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.