මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.
ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ද ස්ථාන මරුවීම් ලබාදී තිබේ.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරේ සිටි කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඩබ්ලිව්.අයි.එස් මුතුමාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස පත්කර ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්.එම්.එස් දෙහිදෙණිය නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරීවරයා ලෙස මාරුකර තිබේ.
එම ස්ථාන මාරු ලැයිස්තුව පහතින් දැක්වෙයි.



ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.