මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක වව්නියාවේදි අද (10) පැවසීය.
රටේ සියලු ජනතාව එකතු කරන එකම බලවේගය ජාතික ජන බලවේගය බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර දිසානායක මේ බව කීවේ වවුනියාවේ පැවති ජනරැළිය අමතමිනි. විවිධ ආරක්ෂක හේතු මත ලබාගෙන තිබෙන උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ඔවුන් වෙත නිදහස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.
උතුරේ ධීවර කර්මාන්තය රැක ගැනීම සඳහා ජාතික ජන බලවේග රජය කැපවී සිටින අතර පලමු අයවැයෙන්ම ධීවර ජනතාව සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන බවද ජනාධිපති අනුර දිසානායක කීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.