මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ.
සර්වජන බලය සන්ධානය පදක්කම ලකුණෙන් මෙවර මහමැතිවරණයට තරග කරන බව පවසන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මෙරට ප්‍රධාන විපක්ෂයේ භූමිකාව කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙසට ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“සර්වජන බලය සන්ධානය පදක්කම ලකුනෙන් මෙවර මැතිවරණයට තරග කරනවා. අපි මෙවර බලාපොරොත්තු වන්නේ රන් පදක්කම නෙවෙයි. රිදී පදක්කම. මොකද අගමැතිකම අනිවාර්යෙන්නම යන්න ඕනේ මාලිමාවට. පක්ෂ දෙකකට ජනපතිකම සහ අගමැතිකම ගියොත් රට අස්ථාවර වෙනවා. ප්‍රධාන විපක්ෂයේ භූමිකාව අපි ජනතාවගෙන් ඉල්ලනවා.”
සර්වජන බලය සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉකුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දිලිත් ජයවීර තරග කළේ තරුව ලකුණෙනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් "ගණේමුල්ල සංජීව" ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු ශ්‍රී ලාංකිකයන් පස් දෙනා දිවයිනට රැගෙන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් තිබේ.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බැවින් අද (15) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.