යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (12) දහවල් 1න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
ඒ අනුව අද දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු - විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
ගුරු-විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පැටවීම වහා නතර කිරීම යන ඉල්ලීම් මුල් කරගෙන හෙට පාසල් අවසන්වීමෙන් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් ජෝසප් ස්ටාලින් මෙසේ පැවසිය.
"දැන් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු සිදුවෙනවා. මේ සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා ලබා දෙන දීමනාව මේ වන විටත් ලබාදීලා නැහැ.දීමනා වැඩි කිරීමක් සිදු කරලත් නැහැ. හෙට සාමාන්‍ය පෙළ විභාගය ඇගයීම් කටයුතු 1න් පස්සේ නතර කරනවා. මේක විභාග කොමසාරිස්වරයාට අපි ලිඛිතව දැනුම් දීලා තියෙන්නේ. අපේ ස්ථාවරය තමයි මේ වර්ෂය තුළ ගුරු - විදුහල්පති වැටුප් සමතාව වෙනුවෙන් මුදල් වෙන් කර යුතුමයි කියන එක."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.
පාසල් සිසුන් අතර අධික ස්ථුලතාවය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.