යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදි තීබේ.
1886 වසරේ අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ හේමාකට් ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීම් නිසා මියගිය කම්කරුවන්ගේ ජීවිත පරිත්‍යාගය සැමරීම පිණිස මැයි පළමුවැනි දින ජාත්‍යන්තර කම්කරු දිනය පැවැත්වීම ආරම්භ විය.
ඒ අනුව ලොව සෑම රටක්ම මැයි පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලී, රැලි සංවිධානය කරනු දක්නට ලැබේ.
මෙවරත් කම්කරු දිනය සැමරීම සදහා මෙරට දේශපාලන පක්ෂ රැසක් සිය කටයුතු සූදානම් කර ඇති අතර, ඒ යටතේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මැයි රැලි කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේගය, මෙවර මැයි රැලි 21ක් දිස්ත්‍රික්ක 21කදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළියේ සහ මහරගම පැවැත්වෙන රැලි සඳහා එක්වීමට නියමිතය.
සමගි ජන බලවේගයේ මැයි දින රැලිය මෙවර මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම්කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේ පවත්වන අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය මැයි රැලිය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.
පාසල් සිසුන් අතර අධික ස්ථුලතාවය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.