මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙ අද(01) ආරම්භ වේ.
රටේ සෑම ක්ෂේත්රයක්ම අවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ.
එහිදී ක්ලීන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය ද එළිදැක්වීමට නියමිතය.
විනයවත් රටක් ගොඩනැගීම සඳහා සෑම අංශයක්ම ආවරණය වන පරිදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පැවසීය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය දා සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායක් ද පත් කළේ ය.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පැවසුවේ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතනවල පුළුල් සැලසුම් සකස් කර ඇති බවයි.
ඒ සඳහා ජනතා සහභාගිත්වය අතිශය වැදගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.