මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8352 ක් තරග වදින බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඉන් වැඩිම පිරිසක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන අතර එම සංඛ්‍යාව, 966ක් බව යි මැතිවරණ කොමිෂන් සභා අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ.
මැතිවරණයට කොළඹින් ඉදිරිපත්වූ කණ්ඩායම් සංඛ්‍යාව, 50ක් බවත් ඉන්, කණ්ඩායම් 46 ක නාම යෝජනා පිළිගත් බවත්, කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රසන්න ගිනිගේ සදහන් කරයි.
ඒ අතරට පිළිගත් දේශපාලන පක්ෂ 27 ක් සහ ස්වාධීන කණ්ඩායම් 19 ක් ඇතුළත් වේ.
අඩුම අපේක්ෂකයින් පිරිසක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින අතර එම සංඛ්‍යාව, 120 කි. ඒ අතර පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධීන කණ්ඩායම් 2 ක් වේ.
2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බවත් නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවත් වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.