ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට සංගීත ක්ෂේත්රයේ නොමැකෙන සටහන් තැබූ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පි අනිල් භාරතී අභාවප්‍රාප්ත වී තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු ගායනා කළ ‘ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ’ සිරිපොද වැස්ස කැසට් පටයට ගායනා කළ කරදිය රැල්ලේ, බෙත්ලෙහෙම්පුරේ වැනි ගීත රසිකයින් මහත් ආදරයෙන් වැළඳගත් නිර්මාණ වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.