මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් මිය ගොස් තවත් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.
මාතර මහ රෝහල සඳහන් කළේ, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ය.
ඊයේ රාත්‍රී 10.30ට පමණ රැඳවියන් රඳවා සිටින ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ රැඳවියන් 400කට අධික ප්‍රමාණයක් සිටි බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ ය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ, මාතර, මිදිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය මෙන්ම යුද හමුදාව ද යොදවා ඇති බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.