මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාවට සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාවේ පාලනය සම්පූර්ණයෙන් එහි පරිපාලකයින් අතින් ගිලිහී ගොස් ඇති අතර සිය මුහුණු පොතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුමේ මේ වන විට එය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවය.
කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සඳහන් කරයි.
මේ වන විට එම වෙබ් අඩවිය වෙනත් බාහිර පාර්ශවයක් විසින් භාවිත කරමින් සිටින බවට නිරීක්ෂණය වන බව ද ඔහු සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.