මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මියන්මාර ජාතිකයින් 100කට අධික පිරිසක් රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව මුලතිව්, නාවික නිලධාරීන් හා පොලීසිය පවසයි.
ඔවුන් සරණාගතයින් ලෙස මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට බහුදින යාත්‍රාවකින් රැගෙන යමින් සිටියදී එලෙස මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව සඳහන් ය.
අදාළ ධීවර යාත්‍රාවේ ගමන්ගත් පිරිසට ආහාර හා ජලය හිඟවීම මත එය මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව වාර්තා වෙයි.
යාත්‍රාවේ සිටින පිරිසට අවශ්‍ය ආහාර හා ජලය ලබාදීම නාවික හමුදාව විසින් සිදුකරන බවත්, ඔවුන්ට කුමක් සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලන බවත් ආරක්ෂක බලධාරීන් පැවසීය.
එම යාත්‍රාවේ කුඩා දරුවන් 25කට ආසන්න පිරිසක් සිටින බවට දැනට අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.