මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
නව රජයේ දූෂණ විරෝධී වැඩ සටහනට අමෙරිකාවේ සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකාවේ තානාපති ජූලි චංග් පවසයි.
ඇය මේ බව පැවසුවේ ඊයේ(11) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී ය.
මුලින්ම මල්වතු මහා විහාරයට පැමිණි තානාපතිවරිය සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
එහිදී ජූලි චංග් පැවසුවේ අමෙරිකාව ශ්‍රී ලංකාව කෙරෙහි විශාල ගෞරවයක් දක්වන බවයි.
වැඩි වැඩියෙන් මෙරටට ආධාර ලබා දෙන ලෙස අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි තානාපතිනියගෙන් එහිදී ඉල්ලා තිබේ.
අනතුරුව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් අස්ගිරි මහා විහාරයට පැමිණ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමියන් බැහැ දැක අශිර්වාද ලබා ගත්තා ය.
එහිදී ඇය මහ නාහිමියන්ට පවසා ඇත්තේ තමන් ලංකාවේ තිබූ අසීරු කාල සීමාව තුළ හැකි ආකාරයෙන් සහය දුන් බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.