රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
අද (27) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දුව කියා සිටියේ, අදාළ ප්‍රදේශවල ජනතාව තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වහාම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බවය.
"මධ්‍යම කඳුකර ප්‍රදේශයට වැසි ලැබෙමින් පවතිනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර සහ බටහිර බෑවුම්වලට වැසි ඇතිවෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා නුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවටකෝරළය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, දෙල්තොට, පාතදුම්බර කියන මේ ප්‍රදේශ සඳහා ඉවත්වීම සඳහා රතු නිවේදන නිකුත්කර තිබෙනවා. යම්කිසි ආකාරයකට කඳු නායයාම් තියෙන නිසා.
ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹගමුව, අඹගමුව කෝරළේ, රත්තොට, නාවුල සහ උකුවෙල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වළපනේ ප්‍රදේශයට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ ප්‍රදේශවල නායයෑම අවදානමක් තියෙන නිසා එයින් ඉවත් වෙන්න කටයුතු කරන්න."
මේ අතර නොසිලිකිළිමත්ව කටයුතු නොකරන ලෙස ද මාර්ගය ජලයෙන් යටවී ඇත්නම් ඒ හරහා ගමන් නොකරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
"නිවෙස්වල තියෙන විවිධ දේවල් ජලයේ ගසාගෙන යන්න පුළුවන්. ඒවා ගන්න උත්සාහ කරන්න එපා. සමහර විට ඔබගේ ජීවිතය ඒ තුළ අහිමිවෙන්න පුළුවන්. ජලයේ ක්‍රීඩා කරන්න එපා. දරුවන් ගැන දෙමාපියන් සැලකිළිමත් වෙන්න. ඔබගේ නිවෙස් ආපදාවලට ලක්වෙලා නම් ආරක්ෂිත කඳවුරුවලට යන්න. නිවෙස්වල ආරක්ෂාවට උපරිම කටයුතු කරනවා. ඩ්‍රෝන කැමරා මඟින් ඉහළින් ගිහින් සොර සතුරන් ගෙන් ආරක්ෂා කරගන්න හැකි සෑම කටයුත්තක්ම සිදුකරනවා. මෙහිදී වැදගත් වන්නේ ඔබගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. මධ්‍යම කඳුකරයේ රතු නිවේදන තියෙන තැන්වලින් කරුණාකරලා ඉවත් වෙන්න. කඳුකරයේ විශාල තෙතමනයක් තියෙනවා. අවධානම් කියන ප්‍රදේශවලින් ඉවත් වෙන්න. කඳුකර ප්‍රදේශවල යන වාහන පාර අයිනට ගන්න එපා. බස්රථ රියදුරන් අවධානය යොමු කරන්න මාර්ගයේ ඉස්සර කිරීමේ දී."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.