මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සියලු පෞද්ගලික සහ රාජ්‍ය බැංකු සහ මූල්‍ය සේවකයින්ටද නිවාඩු ලබාදෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
එම කොමිසම නිවේදනය කළේ, සාමාන්‍ය නිවාඩු අඩු කිරීමකින් හෝ වැටුප් කප්පාදුවකින් තොරව නිවාඩු ලබා දිය යුතු බවයි.
මේ අනුව
සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 40 හෝ ඊට අඩු නම් දින බාගයක්ද,
සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 40 ත් 100 ත් අතර නම් දින එකක්ද,
සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 100 ත් 150 ත් අතර නම් දින එක හමාරක්ද,
කිලෝමීටර් 150 ට වැඩි නම්, දින 2ක් ද නිවාඩු ලබාදිය යුතු ය.
නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමට හා ඒමට එම කාලය ප්‍රමාණවත් නොවන අවස්ථාවන්වලදී දින 3ක කාලයක් ලබා දිය යුතු ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.