මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසීය.
මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (6) පැවති කැබිනට් හමුවේ දී ඇමතිවරයා මෙසේද කීය.
"මගේ කාලය අපරාදෙ ඒ නිසා එතුමාට තනියම ඕන දෙයක් කියා ගන්න කියන්න. එතුමා කියලා තිබුණා එතුමා සිංහයෙක් කියලා එතුමා සිංහයෙක්ද නැද්ද කියලා රටේ ජනතාව දන්නවා. මීට ඉස්සෙල්ලා කළු ඇඳගෙන කඩුවකුත් අරන් ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා කියල සිංහයෙක් වගේ ආව ඒවා නිකම් විහිළු වෙලා තියෙන්නේ .
මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා, නරියෝ හිනාවෙනවා, සිංහයෝ බලා සිටිනවා මේක මම කියූ දෙයක් නෙවෙයි 90 දශකයේදී රිචඩ් ද සොයිසා මාධ්‍යවෙිදියා කිවිව ප්‍රසිද්ධ කියමනක් එදා කී ඒ ප්‍රකාශය අදට වඩාත් හොඳට ගැලපෙනවා ඇති."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.