මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ලබන වසරට අවශ්‍ය, පාසල් හා පිරිවෙන් සිසුන්ගේ නිල ඇඳුම් රෙදි නොමිලේ ලබා දීමට චීන රජය එකඟ වී තිබේ.
මේ මස අගවන විට එහි පළමු තොගය මෙරටට ලැබෙන බවත් ඉතිරි තොගය ලබන මාසයේ ලැබෙනු ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ය.
2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාව මීටර මිලියන 11.82කි.
ඒ අනුව ඊළඟ පාසල් වාරය ආරම්භ වීමට පෙර නිසි වේලාවට පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමට හැකි බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.
අගමැති හරිනි අමරසූරිය විසින් නිල ඇඳුම් රෙදි සපයා දීම සඳහාවන චීන රජයේ ප්රදානය භාරගැනීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.