මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
නීතිය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව ජනතාවගේ පිළිකුල ජනාධිපතිවරයාට දැන්වීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.
රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඔවුන් දරණ තනතුරුවලින් ඉවත් නොකිරීම හේතුවෙන් ආණ්ඩුව පළමු මාසය තුළම නීතිය අයුතු ලෙස භාවිත කර ඇති බව පවසමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
"ඉවත් කිරීම නොකරන නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ හෘද ශාක්ෂිය... නීතියේ ආධිපත්‍ය පිහිටවනවා කියලා, හිටපු ජනාධිපතිවරු නීතිය අයුතු ලෙස භාවිත කරනවා කියලා විවේචන කළ මාලිමාව තමන්ගේ මාසය තුළම නීතිය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ ජනතාවගේ පිළිකුල ජනාධිපතිවරයාට දන්වන්න අපි මහජන පෙත්සමක් අත්සන් කරන්න බලාපොරෝතු වෙනවා. සෑම තැනකමට ගිහිල්ලා. මහපාරේ, වැඩබිමේ, ගොවිපොළේ සෑම තැනම ජනතාවගේ හෘද සාක්ෂිය නැත්නම් ජනතාව මේ සම්බන්ධයෙන් දක්වන පිළිකුල පෙත්සමකට ගොනු කරන්න අපි බලාපොරොත්තු වෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.