රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන ඇතැයි පොලිසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංකයක් ලබා දී ඇති බව ය.
ඒ අනුව, හදිසි අවශ්‍යතාවකදී 0718592651 යන දුරකතන අංකයෙන් සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී වෙත දැනුම් දිය හැකි බව ය.
මේ අතර, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, කොළඹ සහ යාපනය ප්‍රදේශවලදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ය. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයක් වන අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිය පුරවැසියන්ට දැනුම් දෙමින් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඔක්තෝබර් 23 වන දා නිවේදනයක් නිකුත් කරනු ලැබී ය.
ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ විශ්වසනීය තොරතුරු තානාපති කාර්යාලයට ලැබී ඇති බව එම කාර්යාලය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ, සිය කාර්ය මණ්ඩලයට මෙන් ම ශ්‍රී ලංකාවේ වෙසෙන ඇමෙරිකානු පුරවැසියන්ට ද ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට උපදෙස් නිකුත් කර ඇති බව ය.
(උපුටා ගැනීම - BBC සිංහල සේවය)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.