මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජල සැපයුම් නල මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව වත්තල, මාබෝල, ජා ඇල සහ කටුනායක-සීදුව නගර සභා ප්‍රදේශ සහ වත්තල, බියගම, මහර, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා කලාප සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙයි.
එසේම, උස ස්ථානවල ජලය සැපයුමට බාධා එල්ල විය හැකි බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙන්නේ.
දැනට අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන බවත් ජල සැපයුම හෙට දහවල් 12ට පමණ යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ජලය අරපරිස්සමින් පාවිච්චි කරන ලෙස ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පාරිභෝගිකයින්ට දැනුම්දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.