මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ගංවතුර පැවැති ප්‍රදේශවල මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මීයන්ගේ මුත්‍රා ජලයට මුසුවී ශරීරයේ පවතින තුවාල ඔස්සේ මී උණ විෂබීජය ශරීරගත විය හැකි බැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුරට බැසීමෙන් වළකින ලෙසයි.
එසේම මී උණ රෝග ලක්ෂණ තිබේ නම් ඊට ප්‍රතිකාර ලබාගැනීමට යොමු වන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලයි.
මේ අතර වසරේ ගතවූ කාලසීමාව තුල මී උණ රෝගීන් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.