මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ලෙබනනය ඇතුළු මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වයත් සමග ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
අදාළ රටවල දූත මණ්ඩල හරහා ලාංකිකයින්ට අවශ්‍ය උපදෙස් නිරන්තරයෙන් ලබාදෙන බැවින් එම උපදෙස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මැදපෙරදිග සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරනු ලබයි.
මැදපෙරදිග කලාපයේ සිටින ලාංකිකයින්ගේ ඥාතීන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී තොරතුරු ලබා ගැනීම සඳහා 0112 33 88 12 සහ 0117 71 11 94 යන දුරකතන අංක ඔස්සේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හා සම්බන්ධ විය හැකිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.