මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂක ලැයිස්තුව හෙට(11) මධ්‍යහන 12.00 ට පෙර ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සදහා එම උපදෙස් ලබා දී ඇත.
ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයින් නම් කිරීමේදී සියලුම ජන කොටස්වල නියෝජනය ජාතික ජන සංඛ්‍යා අනුපාතයට අනූකූලවන බව හැකිතාක් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතුව ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම ඒ සඳහා ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් ද අත්‍යවශ්‍ය වේ.
ජාතික ලෑයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයින් ද ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත භරදිය යුතු බව ද මැතිවරණ කොමිසම පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.