රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
2024 ජනාධිපතිවරණය අවසන් වනතුරු මානව හිමිකම් උල්ලංඝනය වීම් නිරීක්ෂණය කිරීමට විශේෂ ජංගම සේවා පිහිටුවා ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් නිමල් පුංචිහේවා පවසයි.
"මානව හිමිකම් කොමිසම ලෙස මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවන්නේ ද යන කාරණය ගැන විශේෂ නිරීක්ෂණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ප්‍රධාන කාර්යාලයේ වෙනම යුනිට් එකක් හදලා නිලධාරීන් යොදවලා තියෙනවා. ඒ වගේම ජංගම සේවා පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා ඒ තත්වයන් නිරීක්ෂණය කරන්න. ඒවගේම ප්‍රාදේශීය කාර්යාලවලට උපදෙස් දීලා තියෙනවා ඡන්දය දිනයේ සහ ඊට පසුදිනයේ ඒ අවස්ථා අධීක්ෂණය කිරීමට, විශේෂ අවස්ථා තිබේනම් ඊට මැදිහත් වීම් සිදුකිරීමට."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.