රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබේ.
ඔහු අද පෙරවරු 09.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්ය.
"සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමා ආණ්ඩු මාරු වෙනකොට අනෙක් ආණ්ඩුවේ හිටිය අයව ගෙන්නලා ප්‍රශ්න කරනවා. එන්න කිව්වහම අපි එනවා. රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා, අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා තියෙනවා. අපි ඇවිල්ලා සහයෝගය ලබාදෙනවා. අද නම් එන්න කියලා තියෙන්නේ, 2010 - 2015 කාලයේ දී මගේ කාර්යාලයට ඇවිල්ලා මහත්තයෙක් සල්ලි දීලා ගිහින්. නිර්ණාමික පැමිණිල්ලක්. ඒ පැමිණිල්ලට අනුව මුදල් ගෙනල්ලා මගේ කාර්යාලයේ තියලා ගිහින්. ඒ ගැන මගෙන් අහනවා.
ඔය වගේ පැමිණිලි දාස් ගණනක පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී ඇවිත් උත්තර දුන්නා. රිමාන්ඩ් වුණා. අධිකරණයේ නඩු පවරලා තිබුණා. නිදොස් කොට නිදහස් වුණා. ඒ නිසා පැහැදිලිවම ඇවිල්ලා මේවට සහයෝගය ලබාදෙනවා. අපි ආණ්ඩුවෙනුත් ඉල්ලන්නේ මේ විදියටම උගණ්ඩාව හා ෂීෂෙල් සම්බන්ධයෙන් අපිව ගෙන්නලා අවබෝධයෙන් බොරු කිව්ව අයගෙත් කටඋත්තර ලියාගෙන ලෝකයේ මේවා තියෙන තැන් දන්නවා කියන අය, චෙක් දැක්කා කියන අයවත් ගෙනල්ලා සාක්ෂි සඳහන් කරලා පරීක්ෂණ කරන්න. ඒ වගේම මම ගෞරවයෙන් ඉල්ලනවා අපිව පාවිච්චි කරලා, දේශපාලන දඩයම පටන් ගෙන ඔන්න අපි රාජපක්ෂලා හිරේ දාන්න ලෑස්ති කරලා තියෙන්නේ, ඔන්න අධිකරණයට ගෙනාවා, ඔන්න ප්‍රශ්න කරා, ඔන්න කටඋත්තර දුන්නා පැය 10ක් ප්‍රශ්න කරා කියලා ජනතා ප්‍රශ්න යට ගහන්න එපා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.