ඉන්න ගෙදරටත් බද්දක් ගහන්න එකඟ වෙලා
පුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැති බව ජනාධිපති ප්‍රකාශ කළත් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පළමු නිවාසයටත් බදු ගහන බව සඳහන්ව තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.