මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
වසරේ පළමු සති 3 තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 3,649 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් මුල් සති 03 තුළදී ඩෙංගු මරණ 02ක්ද වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,576කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 491ක් ගම්පහින් රෝගීන් 558ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 95 ක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨස 22 ක් දිවයිනෙන් හඳුනාගෙන ඇති බවය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.