මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
නොවැම්බර් මස පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි මෙම උත්සව තාවකාලිකව අවලංගු කිරීමට පියවර ගත් බවත් උත්සව පැවැත්වෙන දිනයන් පසුව දැනුම්දීමට පියවර ගන්නා බවත් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය එළැඹෙන 14 දිනත් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නොවැම්බර් 09 වැනි දිනත් පැවැත්වීමට නියමිතව තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.