මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධි චෝදනාව වලින් චෝදනා එල්ල කර තිබේ.
දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු සහ වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් ඉකුත් යහ පාලන රජය සමයේ කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන පැවැත්වා ඇත.
මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණි.
එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.